Friday, January 31, 2014

ගෘහ මූලික කාන්තාවන්ගේ ජීවන මාර්ග ගොඩනගා ගැනීම සඳහා ලබාදුන් ස්වයං රැුකියා භාණ්ඩ / උපකරණ



ගෘහ මූලික කාන්තාවන්ගේ ජීවන මාර්ග ගොඩනගා ගැනීම සඳහා ලබාදුන් ස්වයං රැුකියා භාණ්ඩ / උපකරණ / සහා සතුන්ගේ වර්ථමාන තත්වය සහා එම කාන්තාවන්ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමග

දිනය :- 2014.01.06 / 07


අධීක්‍ෂණය කල ග‍්‍රාමය       අධීක්‍ෂණය කල පවුල් සංඛ්‍යාව

වැලිකාකන්ඩි                           පවුල් 14

කෝපාවේලී                            පවුල් 19

තුම්පාලච්චෝලේ                        පවුල් 12

උරුගාමම්                               පවුල් 13

කිතුල්                                   පවුල් 15


මෙහිදී අපගේ නිරීක්‍ෂණයට භාජනයවූ කරුණුු


1      මහන මැෂින් 07 ක් ලබාගත් කාන්තාවන්ගෙන් 05 කු එය නිසි ලෙස යොදා ගෙන යම් ප‍්‍රමාණයකින් ආදායම් මට්ටම ඉහල නංවාගෙන දරුවන්ගේ කටයුතු සහා පවුලේ ආර්ථීකය ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටි.

2     කුකුල් පැටව් ලබාගත් ගෘහ මූලික කාන්තාවන් 34 ගෙන් වැඩි පිරිසක් නිසි ආකාරයෙන් සකස් කරන ලද කොටු තුල සත්ව පාලනය කරගෙන යන ආකාරය අපට දැකගන්නට ලැබ්නි.



     නමුත් එක් කාන්තාවකගේ සියළුම කුකුල් පැටව් මිය ගොස් ඇති අතරල එයට හේතුවී ඇත්තේ නිසියාකාර පාලනයක් නොමැති කම හා දේශගුණික වෙනස්වීම් බව පැහැදිළි විය.
     තවත් කාන්තාවන් 04 කුගේ පමණ කුකුල් පැටව් 10 / 15 පමණක් ඉතිරිවී ඇති බව දැකගන්නට ලැබුනිග එයට හේතුවී ඇත්තේ නිසි ආරක්‍ෂාවක් නොහැකි කම නිසා කැළැ සතුන් විසින් මෙම පැටව් විනාශ කර ඇති බව.
     ඉතිරි සියළුම කාන්තොවන්ගේ කුකුල් පැටව් 22 ත් 34 ත් අතර ඉතිරිවී ඇත.

3.     කාන්තාවන්  29 කුට එළුවන් ලබාදිමට නියමිත අතරග එයින් මේ වන විට කාන්තාවන් 24 කුට එළුවන් ලබාදී ඇත. එළුවන් ලබාදීම පිළිබඳව කිසි¥ ගැටළුවක් මතුවී නොමැත.


4.     ඉදිආප්ප මැෂින් 03 ලබාදී ඇති අතරල එයින් කාන්තාවන් 02 මෙම උපකරණය උපයෝගී කරගෙන තම ස්වයං රැුකියාව ඉතා සාර්ථකව කරගෙන යන බවත් හොද ආදායමක් ලබන බවත් ඔවුන්ගේ අදහස විය.

5.     කෘෂි කාර්මික මෙවලම් සහා බ්ජ ගෘහ මුලික කාන්තාවන් 11 කුට ලබා¥න් අතරල එය යොදා ගෙන ඔවුන් ගොවිතැන් කටයුතු සාර්ථකව කරගෙන යන ආකාරය දැකගන්නට ලැබුනිග ලබා¥න් වී යොදාගෙන මේවන විට කුඹුරු වල ගොවිතැන ආරම්භ කර ඇත.

6. සුළු ව්‍යාපාර සඳහා එක් කාන්තාවකට අවශ්‍ය උපකරණ ලබා¥න් අතරල එම සුළු ව්‍යාපාරය සාර්ථීකව කරගෙන යන ලදී.                                            

7.     බයිසිකල් සහා මාළු පෙට්ටී කාන්තාවන් 03 කුට ලබා දී ඇති අතරලඑයින් කාන්තාවන් 02 කු එයින් මාළු වෙළඳාමේ නිරත වෙමින් පවුලේ ආර්ථීකය ශක්තිමත් කරගිමින් සිටිග එක් බයිසිකලයක් ලබා ගත් කාන්තාව එය මාළු වෙළදාම සඳහා යොදා නොගන්නා අතර එම බයිසිකලය සහා මාළු පෙට්ටිය නැවත සංවිධානයට ලබාගැනීමට කටයුතු කිරීමට නියමිතය.

8.     ඔරු 03 ක් ගෘහ මූලික කාන්තාවන් සඳහා ලබා¥න් අතර එයින් 02 ක් ධීවර කර්මාන්තයේ යෙදවීමට යෝග්‍ය කාල සීමාව මාර්තු බැවින් එම කාල සීමාවේදී එය යොදාගෙන ධීවර කර්මාන්තයේ නියැලීමට බලාපොරොත්තුවේග නමුත් එක් ඔරුවක් ලබා¥න් කාන්තාවගේ යම් ගැටළුවක් හේතුවෙන් එය වෙනත් ප‍්‍රථීලාභියෙකුට ලබාදීමට අප තීරණය කෙළෙමු


සහභාගීත්වය
1. ඒ ජේසුදාසන් මයා - උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක
2. ලවිනා හසන්ති - කාන්තා වැඩසටහන් සම්බන්ධීකාරිනි
3. සෙල්ව කුමාර් - මඩකලපු දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක
4.     සුබ‍්‍රමනියම් -  සජීවක
5.     රිජාන්දනී - ස්වෙච්ඡුා ක‍්‍රියාකාරිනි
6.     වල්ලිපිලෙයි - කෝපාවේලී ගෘහමුලික කාන්තා කණ්ඩායමේ නායිකාව
7. කාන්තන් සරස්වතී - උරුගාමම් කාන්තා කණ්ඩායමේ නායිකාව

  
 








 




 











 












 











 















































q.

No comments:

Post a Comment